රාජසිංහ රජු වැන්ද බුදුරුව – කෝටියකට ඉන්දියාවට දෙන්න ගිහින්

938

වලානේ උගුලට කට්ටඬියා මාට්ටු

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් වැඳුම් පිදුම් කරනු ලැබූ බවට සැක කරන බුද්ධ ප්‍රතිමාවක් රුපියල් කෝටියකට ඉන්දීය ජාතිකයකුට අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි කට්ටඬියකු කුරුවිට ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (26දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු ඔත්තුවකට අනුව ඉන්දීය ව්‍යාපාරිකයකු ලෙස වෙස්වළාගෙන ගිය පොලිස් නිලධාරියකු විසින් මෙම සැකකරු සමග බුද්ධ ප්‍රතිමාව අත්අඩංගුවට ගෙන තිබේ.

රන්, රිදී, පිත්තල ඇතුළු ලෝහ වර්ග කීපයක් යොදාගෙන නිමවා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව කිලෝග්‍රෑම් 48ක් බරින් යුක්තය. අඩි 3යි අඟල් 1ක් උස, අඩි දෙකහමාරක් පළල මෙම ප්‍රතිමාව නුවර ප්‍රදේශයේ ස්ථානයකින් ලබා ගත් බව අත්අඩංගුවට ගත් කට්ටඬියා ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම පිළිමය පිළිබඳව විමර්ශන පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිiා දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන බව වලාන දූෂණ මර්දන බළකාය පවසයි.

මෙම පිළිමය අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ නම් එය හොර රහසේම වෙනත් රටකට අලෙවි කිරීමට නියමිතව තිබූ බවද පොලිසිය කියා සිටියි.

මෙම බුද්ධ ප්‍රතිමාව රාජසිංහ රජු වසර ගණනක් තිස්සේ වැඳුම් පිදුම් කිරීමට යොදාගෙන ඇති බවට සැකකාර කට්ටඬියා ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳ නිවැරදි වාර්තාවක් පුරාවිiා දෙපාර්තමේන්ව හරහා ලබාගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස්මත එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, සැරයන්වරුන් වන (428) ජයලාල්, (51068) පුෂ්පකුමාර, කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය, (87154) තෙන්නකෝන්, (93728) ජයසිංහ, (93681) ජයසේකර, (91287) සංජීව, (93004) සියන්ත, (80501) තිසර යන නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment