සරුංගල් යවමින් සිටි දරුවාට විදුලිසර වදී

445

මාම්පුරිය දළුව ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි පිරිමි දරුවකු විදුලිසර වැදී ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල ඇතුළත් කර තිබේ.

මාම්පූරියේ දළුව පදිංචිව සිටි නහන්දිලගේ අදීස විදුසර ප්‍රනාන්දු (අවු:13) නම් පිරිමි දරුවෙක් මෙසේ රෝහල්ගත කර ඇත.

මෙම දරුවා දළුව එළවළු මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සමුපකාර ග්‍රාමීය බැංකු ගොඩනැඟිල්ලේ උඩු මහලේ සිට සරුංගල් යවමින් සිට ඇත. එම සරුංගලය විදුලි

රැහැනක පැටලී ඇත. විදුලි රැහැනේ පැටළුණු සරුංගලය බේරා ගැනීමට දරුවා උත්සාහ කරන අවස්ථාවේදී ඔහුට විදුලියසර වැදී ඇත. පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවාව බේරා ගෙන ප්‍රතිකාර සඳහා ඉකුත් 27 වැනිදා සවස රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කර සිටින දරුවාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment