අවසන් සටනට නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව

222

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද (29 වැනිදා) මෙරට වේලාවෙන් අලු‍යම 12.30ට නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිතව තිබුණි.

නවසීලන්තය ආර්ජන්ටිනාව පරාජය කරමින් ද,දකුණු අප්‍රිකාව එංගලන්තය පරාජය කරමින් ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් සටනට නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව

අවසන් පූර්ව වටයේ පරාජය වූ ආර්ජන්ටිනාව සහ එංගලන්තය තෙවැනි ස්ථානය වෙනුවෙන් ඊයේ (28 වැනිදා) අලු‍යම 12.30ට තරග වැදීමට නියමිතව සිටියේය.

පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය ලකුණු 44.6ක් ලෙස පහසුවෙන්ම ආර්ජන්ටිනාව පරාජය කිරීමට සමත් වූ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී තියුණු සටනකින් අනතුරුව ලකුණු 16.15ක ජයක් එංගලන්තයට එරෙහිව වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූයේය.

ප්‍රංශයේ සත්කාරකත්වයෙන් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලිය පැවැති අතර අර්ධ අවසන් පූර්ව තරගයේදී සත්කාරකයෝ දකුණු අප්‍රිකාව ට පරාජය වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment