අවුරුදු 10 ගැහැනු දරුවෙකු පැහැර ගැනීමට තැත්කරයි

328


මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවෙලි ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ගැහැනු දරුවෙකු පැහැර ගැනීමට පිරිසක් උත්සාහය කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් එක් සැකකරුවෙක් අද මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලීසිය පැවසූවේ දැරිය සිය මව සමඟ උපකාර පන්තියකට පැමිණ ඇති අවස්ථාවේ පිරිසක් පැමිණ දැරියගේ මුහුණට කිසියම් දියරයක් ඉස ඇති බවය.

එහිදි දැරිය බිම වැටී ඇති අතරල සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් කඩිනමින් ක්‍රියාත්මක වී අදාළ පිරිසෙන් අයෙකු අල්ලාගෙන පොලීසිය වෙත භාර දී තිබුණි.

පොලීසිය පැවසූවේ දැරිය පැහැර ගැනීමට පැමිණි අනෙකුත් පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පුළුල් පරීක්ණ පවත්වන බවය.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු වන බව පොලීසිය පැවසිය.

දැරිය මුලතිව් මාන්චෝලෙයි රෝහලට යොමුකොට ඇති අතර දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.


advertistmentadvertistment