ගංවතුර අවදානමක්

207


මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ,මෝඛා, සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180 – 190 පමණ වන අතර විටින් විට පැ.කිගමී 210ක් පමණ විය හැකිය.එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි.මේ අතර නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.ඒ අනුව මාතර,පිටබැද්දර,අකුරැස්ස,මාලිම්බඩ,තිහගොඩ අතුරලිය යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල බල ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment