මත්පැන් සමාගමෙන් මිලියන 580 ක් බදු අයකර ගැනීමට වහාම විමර්ශන අරඹන්න

79

‘මගෙන් රටට’ සංවිධානය සුරාබදු වෙතින් ඉල්ලයි

මද්‍යසාර නිෂ්පාදන සමාගමක් විසින් සුරාබදු ුමුදල් ලෙස රජයට ගෙවිය යුතුව ඇති රුපියල් මිලියන 580 ක් අයකර ගැනීම සඳහා වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ‘මගෙන් රටට’ සංවිධානය ඊයේ (04 දා) සුරාබදු කොමසාරිස්වරයා වෙත ලිපියක් භාරදී ඇත.

මෙම සමාගම රුපියල් මිලියන 580 ක බදු මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවීමට තිබියදී අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර සහනයක් ද ලබාගෙන ඇතැයි එම සංවිධානය චෝදනා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් බව කියන මෙම මද්‍යසාර නිෂ්පාදන ආයතනය, සුරාබදු දෙපාර්තමේන්තුව සමග කිසියම් එකඟතාවක් අනුව කටයුතු කරන බවට සැකයක් ඇති බවත් නැවත වැට් බදු ඉහළ දැමීමට සූදානම් වන මේ අවස්ථාවේ මහජනතාව මත තවදුරටත් බර නොපටවා මහා පරිමාණ බදු වංචා කරන මෙවැනි සමාගම්වලින් බදු අයකර ගැනීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බවත් ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා සඳහන් කරයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment