විදෙස් සංචාරකයෝ 1042528ක් එති

66

මේ වසරේ (2023) ඔක්තෝබර් 08 වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව දසලක්‍ෂ හතළිස් දෙදහස් පන්සිය විසිඅටක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව දැක්වේ.

එම වාර්තාවට අනුව 2023 ඔක්තෝබර් මාසයේ මුල් දින අටේ දී විදෙස් සංචාරකයන් විසිහය දහස් දෙසිය හැත්තෑ දෙදෙනකු මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

ඔක්තෝබර් මුල් දින අට තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 24 ක්ම ඉන්දියානු සංචාරකයන් වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් 6,293 කි.

මීට අමතරව රුසියාවෙන් 2,352 ක්, එක්සත් රාජධානියෙන් 1,904 ක්, චීනයෙන් 1,900 ක්, ජර්මනියෙන් 1,679 ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 1,307 ක් ලෙස එම වකවානුවේදී සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණි ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment