ආණ්ඩුවට එක්වීම පිළිබඳව පක්‍ෂය විසින් කිසිදු අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා නැතැයි ද සමගි ජන බලවේගයට ජනවරම හිමිවූයේ විපක්‍ෂ කාර්ය භාරය කිරීම වෙනුවෙන් යැයිද විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
එබැවින් සමගි ජන බලවේගයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්ඩුව සමග එක්නොවන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද පැවසීය.
ආණ්ඩුවට එක්වනවා තියා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ සිදුකර නැතැයි ද කීවේය.
අකිත පෙරේරා