ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම හෙට ශ‍්‍රී ලංකාවේදී

186

ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම හෙට (19 වැනිදා) ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ආසියානු කි‍්‍රකට් කවුන්සිලය නියෝජනය කරන සියලූ නියෝජිතයෝ මෙම රැුස්වීමට සහභාගි වීමට නියමිත අතර ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. සාහ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.

මේ අතර ජේ. සාහ් මහතා අද (18 වැනිදා) දිනයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප‍්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා සහ තවත් බලධාරීන් කිහිප දෙනකු සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් සහ කී‍්‍රඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතර විශේ්ෂ හමුවක් ද පැවැති බව කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


advertistmentadvertistment