ආසියානු හොකී කනිෂ්ඨ ශූරතා තරගාවලියේ කණ්ඩායම එළි දකී

282
නිපුනි සහ නීලියා

ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් ජුනි මස 13 සිට 23 දක්වා සිංගප්පූරුවේ දී ක්‍රියාත්මක කෙරෙන ‘ආසියානු හොකී සම්මේලන කුසලාන’ කනිෂ්ඨ ශූරතා කාන්තා තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇත.

ක්‍රීඩිකාවන් 18 දෙනකුගෙන් සමන්විත වන ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා හොකී කණ්ඩායමේ නායකත්වය නිපුනී ඉෂාරා ප්‍රනාන්දු ට හිමි වී තිබේ. වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන නිපුනී ඉෂාරා ප්‍රනාන්දු දේශීය යොවුන් හොකී ක්‍රීඩිකාවන් අතරේ ඉදිරියෙන් වේ.

ගෝල් රකින්නියක වන ජාත්‍යන්තර අත්දැකීම් සපිරී පී. නීලියා කෞෂිණී මෙවර කණ්ඩායමේ උප නායකත්වයට පත් කර තිබේ. නිපුනී ඉෂාරා ප්‍රනාන්දු සහ පී. නීලියා කෞෂිණී මෙන්ම එච්. ඒ. දෙව්දූ සමුද්‍රා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවෝ වෙති.

ජාතික කනිෂ්ඨ කාන්තා හොකී කණ්ඩායම

නිපුනී ඉෂාරා ප්‍රනාන්දු (නායිකාව), පී. නීලියා කෞෂිණී (උප නායිකාව), පී. ජී. වී. ඔවින්දී, එම්. එස්.එන්.කේ. පීරිස්, ඩබ්ලිව්. ජී. ඒ. එස්. කේ. විජේසූරිය, එන්. හිරුෂිකා, එච්. ඒ. දෙව්දූ සමුද්‍රා, ආර්. ඩී. ආර්. රාජපක්ෂ, පී. ඒ. ජී. එම්. පී. ගුණරත්න, නිලසී චමත්සරා, තිසරණී මදරසිංහ, ජී. එම්. එස්. එස්. පී. ගුණතිලක, ටාලියා ද ෆොන්සේකා, එල්. එම්. එස්. විමංසා, එල්. එල්. පබෝධා දිව්‍යංජලී, බී. ඒ. අයි. එම්. පෙරේරා, ඊ. කේ. නිෂිනී නුතාරා, ආර්. ජී. ආර්. එච්. එස්. සේනාරත්න.

අතිරේක

පී. විනායා පෙරේරා, එම්. එම්. සිතුනී එච්. පීරිස්, ජී. ඒ. කාවින්ද්‍යා හසිනි, වී. කිංකිනී යෙහාරා.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment