ඇට සුද්දා රිමාන්ඩ්

285


මිද්දෙණියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන මිද්දෙණියේ කෝටිපති ව්‍යාපාරිකයා මේ මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මිද්දෙණිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන 54 හැවිරිදි සිව් දරු පියෙකු වන ඩබ්ලිව්.ඒ.කේ.පියල් රංජිත් නොහොත් ඇට සුද්දා නැමැති පුද්ගලයාය.
පසුගිය ජුනි මස 26 වැනිදා මිද්දෙණිය නගරයේදී 52 හැවිරිදි තිදරු පියෙකු වන ඒ.කේ.පී.ප්‍රභාත් මංජුල නැමැති මල් ශාලා හිමි කරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණ වලදී වෙඩි තැබීම සිදුකළ බව කියන පුද්ගලයා හා වෙඩි තැබිම සදහා පැමිණි වැගන් ආර් වර්ගයේ කාර් රථය පැදවූ රියදුරු හා ඔවුන්ට සහා දැක්වු බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිණි අවියක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


advertistmentadvertistment