ඇතැම් සමෘද්ධි නිලධාරීන් සමෘද්ධිලාභීන්ගේ නමින් ණය අරන් – ඇමැති ප්‍රසන්න රණතුංග

113

ඇතැම් සමෘද්ධි නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නමට ණය අරගෙන තිබෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙරේදා (01දා) පැවසීය.

අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් කමිටුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ කීවේය. අස්වැසුම ගැටලු විසඳීම සඳහා ග්‍රාමීය කමිටුවලට පැවරීමට ඇමැතිවරයා කළ යෝජනාවට මෙහිදී දිස්ත්‍රික් කමිටුවේ අනුමැතිය හිමිවී ඇත.

අස්වැසුම සුබ සාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක විරෝධතා සහ අභියාචනා ප්‍රමාණය පිළිබඳව විමසා බැලිය යුතු බවත් ඇමැතිවරයා කීය.

සමහරු සංවිධානාත්මකව බොරු කියලා මිනිස්සු අවුස්සනවා. ආණ්ඩු විරෝධීන් මිනිසුන්ව පාරට බස්සන්න ක්‍රම හොයනවා. මේවා ගැන පොලිස් බුද්ධි අංශ යොදවා සොයා බැලිය යුතුයි යයිද ඇමැතිවරයා කියා සිටියේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment