මත්පැන් – දුම්වැටි මිල නැග්ගේ මෙහෙමයි

453

දුම්වැටි සහ මත්පැන්වල මිල පෙරේදා (01 දා) සිට ඉහළ දැමීමට රජය කටයුතු කර ඇත. දුම්වැටියක මිල රුපියල් 05, 15, 20, 25 යන කාණ්ඩ 04 යටතේ ඉහළ දමා ඇති අතර මිලි ලීටර් 750 ක මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ හා බියර් බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මත්පැන් මිල කොපමණ මුදලකින් වැඩිකර තිබේදැයි හෙට (04 දා) නිවැරදිව ප්‍රකාශ කළ හැකි බව සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මත්පැන් නිෂ්පාදන ආයතන 23 ක් ඇති අතර එම එක් එක් ආයතන කොපමණ ප්‍රමාණයකින් මත්පැන් මිල ඉහළ දමා ඇතිද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් එය බොහෝදුරට හෙටට පෙර ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment