නොමිලේ ඇන්ටිජන් කරගැනීමට තැනක් නැතිව අපහසුතා

108

කොවිඞ් ආසාදිතයන් ස`දහා නොමිලේ වෛi පරීක්‍ෂණ (ඇන්ටිජන්) සිදුකර ගැනීමට යෑමේදී නොයෙක් අපහසුතාවලට ලක්වීමට සිදුවන බව මහජනතාව පවසති.

ආර්ථික අපහසුතා මැද ජීවත්වන තමන්ට උණ, කැස්ස වැනි රෝග ලක්‍ෂණ තිබේ නම් ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරගෙන එන ලෙස විවිධ ආයතන ප‍්‍රකාශ කරන බවත් නොමිලේ ඇන්ටිජන් පරීක්‍ෂාවක් සිදුකර ගැනීමට නිශ්චිත ස්ථානයක් නොමැතිවීම නිසා තමන් මහත් අපහසුතාවලට පත්වන බවත් ඔවුහු කියා සිටිති.

රජයේ රෝහලකට හෝ වෙනත් රජයේ ආයතනයකට ගොස් නොමිලේ ඇන්ටිජන් පරීක්‍ෂාවක් සිදුකර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment