INSEE Cement පරිසර සංරක්ෂණයේ වැදගත්කම යළි අවධාරණය කරයි

231

INSEE Cement Sri Lanka මේ වනවිට මෙරට තුළ පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් සිටී. ශ්‍රී ලංකා රජය මෙන්ම ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (International Union for Conservation of Nature – IUCN) වැනි සංවිධාන සමග අර්ථවත් සම්බන්ධතා ගොඩනංවා ගනිමින් INSEE Cement මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වටිනා ආදර්ශ රැසක් සැපයීමට සමත් වී තිබේ. මෙවර ලෝක ස්වභාවධර්ම සංරක්ෂණ දිනයේදී INSEE Cement සිය 2030 තිරසාර අරමුණෙහි ප්‍රධානතම අංගයක් වන ස්වභාවධර්ම සංරක්ෂණය උදෙසා දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කළේ ය. එම සමාගම පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ක්‍රියාවට නංවා ඇති ස්වහාවධර්ම සංරක්ෂණ වැඩසටහන මෙම කැපවීමට මනා උදාහරණයකි. 1999 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වන්නේ, ප්‍රදේශයේ පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරන අතරම එම ප්‍රදේශයේ සිදුකළ කැණීම් කටයුතු නිසා පරිසරයට ඇති වූ බලපෑම අවම කිරීම ය. මෙම ව්‍යාපෘතිය සහ INSEE Cement සමාගමේ පාරිසරික ඉලක්ක සම්බන්ධයෙන් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා මෙසේ අදහස් පළකළේ ය. “අපගේ පරිසර සංරක්ෂණ මෙහෙවර හුදෙක් අපගේ තිරසාරත්ව න්‍යාය පත්‍රයේ නාමික අංගයක් පමණ නොවෙයි. එය අප කරන සෑම කටයුත්තකටම පිටුබලය සපයන දෙයක්. ඊට පදනම් වී ඇත්තේ පරිසරයේ හා ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් INSEE Cement දක්වන කැපවීමයි. ලෝක ස්වභාවධර්ම සංරක්ෂණ දිනය සමරමින්, ප්‍රධාන පෙළේ සංවිධාන ඇතුළු විවිධ පාර්ශව සමඟ අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට අප ලබා දී ඇති ප්‍රතිඥාව නැවත අවධාරණය කිරීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා.”

ෂඹක්‍භ සමග ඇතිකරගත් හවුකාරීත්වය, INSEE Cement සමාගමේ ගෝලීය පරිසර සංරක්ෂණ ප්‍රයත්නයන්ට මහත් පිටිවහලක් වී තිබේ. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පළපුරුද්දක් ඇති මෙවැනි සංවිධානයක් සමග අත්වැල් බැඳගැනීම තුළින්, තම පරිසර සංරක්ෂණ ප්‍රයත්නයන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව සිදුකිරීමට INSEE Cement සමාගමට හැකියාව ලැබී ඇත. එය පරිසර සංරක්ෂණ මෙහෙවර තුළදී වඩාත් යහපත් ප්‍රතිඵල අත්කර දීමට මහෝපකාරී වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment