නියඟයේ පණිවිඩය ජනතාවට නොගියේ ඇයි? – ඇමැති අමරවීර

298

ආහාර හිඟයක් ළඟ ළඟම

දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වයක් පැමිණෙන බවට අනතුරු අඟවා තිබියදීත් එම පණිවුඩය ජනතාවට යොමු නොවීම සම්බන්ධව අවධානය යොමු කළ යුතුව ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

උඩවලවේ ජලාශය යටතේ කුඹුරු වගාව සඳහා ගොවීන්ට ජලය නිකුත් කළ අවස්ථාවේ සතියක කාලයක් ඇළවල් දිගේ ජලය ගලාගෙන ගිය ද ඔවුන් වගා කටයුතු ආරම්භ කළේ සතියක් පමණ පසු වී බවට තොරතුරු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

එම නිසා මේ වන විට නියඟය සමග විශාල ආහාර හිඟයකට මුහුණ පාන්නට සිදුවනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. එසේම පුද්ගලයන් විසින් දිනකට පරිභෝජනය කරනු ලබන ආහාර ප්‍රමාණයෙන් වැඩි කොටසක් අපතේ යන බවත් එම අපතේ යන ආහාර ප්‍රමාණය කළමනාකරණය කිරීම මගින් රටේ ආහාර හිඟය පාලනයට විශාල පිටුබලයක් ලැබෙන බවත් හෙළිවී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment