ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරයේ කඨින පිංකම 29 සහ 30දා

107

ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ශික කඨින පිංකම මේ මස 29 සහ 30 වැනිදා පැවැත්වේ. ශ‍්‍රී ලංකාවේ සැදැහැවත් පිංවතුන් හා ඇමරිකන් ජාතික පිංවතුන් සහ විවිධ ආගමික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙම පිංකම සිදුකෙරේ. මෙවර මෙම පිංකමේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ ඒකනායක පවුලේ සැදැහැවත් පිංවතුන් පිරිසක් විසිනි.

ඇමරිකා ලොස් ඇන්ජලීස් ලංකාරාමාධිපති හා ඇමරිකා ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, ඇමරිකාවේ ඔමියෝ ප‍්‍රාන්තයේ  (fatther jorn loving meditation society) භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති මෙන්ම කෝට්ටේ රාජමහා විහාරාධිකාරී තලංගම දේවානන්ද හිමියන් හා මහා සංඝරත්නය ඇතුලූ දායක පිරිස විසින් මෙම පිංකම සංවිධානය කරයි.


advertistmentadvertistment