උසාවියට අමුතු විදිහට ආ අවුරා ලංකා සභාපති

4957


රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහ මහතාට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංගීත ප්‍රසංග මාලාව පැවැති භුමියේ රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ බැන තර්ජනය කොට ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (111)අමිල සෙනෙවිරත්න මහතා ඇතුලු‍ රාජාංගනය පොලීසියේ නිලධාරින් අද නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ අවස්ථාවේ නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වූ අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති හා කෝටිපති ව්‍යාපාරික චන්දික විරංජිත් තාඹුගල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නාලක බංඩාර ඉලංගරත්න මහතා නියෝග කොට ඇත.

එම අවස්ථාවේ පොලීසිය පසුපසින් පැමිණ ඇති සැකකරු අත් අඩංගුවට නොගෙන නීතීඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂාරෝපණය කොට තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පොලීසිය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසූ අවස්ථාවේ පොලිසිය කිසිවක් නොපවසා නිහඩව සිට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment