කාබනික පොහොර ගැටලූ විසඳන්නැයි දෙහිඅත්තකණ්ඩියේ ගොවීහු උද්ඝෝෂණ

138

රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර භාවිතයෙන් පමණක් වගා කිරීමට යෑමේදී  ප‍්‍රායෝගිකව ඇතිවී තිබෙන ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් 29 වන දින උදේ දෙහිඅත්තකණ්ඩිය දියවිද්දාගම දී ගොවි උද්ඝෝෂණයක් පැවැත්විණි.

දිගාමඩුල්ල දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන් දර්ශන මහතා ඇතුලූ ගොවි නායකයන් සහ හෙනානිගල ආදිවාසීන් පිරිසක් විසින් මෙය සංවිධානය කර තිබුණි. උදළු, කෘමිනාශක දියර ඉසින යන්ත‍්‍ර ඇතුළු ගොවි උපකරණ කර තබාගෙන අමුඩයෙන් සැරසුනු ගොවීහු විරෝධතාවයේ නිරත වූහ. විරෝධතාවය අවසානයේ කාබනික පොහොර කොටුවල අසාර්ථකත්වය පෙන්වා දෙමින් ඔවුහු පොහොර කොටුවකට සහ කෘෂිකර්ම ඇමතිවරයාගේ අනුරුවකට ගිනි තැබූහ.

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග සහ දිඹුලාගල – ප‍්‍රසන්න සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment