ඇමැතිගේ අතුරු කමිටුවට උසාවියෙන් තහනමක්

181

සත්පුද්ගල කමිටුවට නොතිසි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු අතුරු පාලක මණ්ඩලයක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පෙරේදා (06 දා) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීම වළක්වමින් අභියචානාධිකරණය ඊයේ (07 දා) තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා විසින් නීතිඥ සංජය ෆොන්සේකා මහතා මගින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා විකුම් කළුආරච්චි යන මහත්වරු එම නියෝගය කළහ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා හා අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ සත්පුද්ගල කමිටුවට ලබන 16 වැනිදා එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතිසි යැවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ. ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයේ කටයුතු අත්හිටුවූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි. එස්. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, නීතිඥ රඛිත රාජපක්‍ෂ හා උපාලි ධර්මදාස යන සත්පුද්ගල කමිටුව පසුගිය 6 වැනිදා පත්කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment