“ඇස් කාච දැමීමේ ශල්‍යකර්මයක් සඳහා රෝගියකු ඇස් රෝහලට ඇතුළත් වුණාට පස්සේ ඒ කාච එළියෙන් ගන්න අපහසුතාවක් තියෙනවා නම් මාව හමුවෙන්න. මං ළඟ හොඳ ඇස් කාච තියෙනවා” යැයි කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. ආර්. එම්. තවුෆික් මහතා (13 වැනිදා) එම රෝහල් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය වැඩමුළුවක දී පැවසීය.
අක්‍ෂි කාච ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට උපරිම සේවාවක් සිය වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය විසින් සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.
තවදුරටත් කතා කළ අක්‍ෂි රෝහල් අධ්‍යක්‍ෂවරයා මෙසේද කීය.
“ඇස් කාච දාන සැත්කම් සඳහා එන බොහෝ රෝගීන් ඉතා අධික වියදම් දරලා එළියෙන් කාච මිලදී ගෙන එනවා. මම කියනවා එහෙම එළියෙන් කාච ගන්න එපා කියලා. ඒ කාච ගන්න රෝගීන්ට ගැටලුවක් තියෙනවා නම් මාව හම්බවෙන්න. අහිංසක අසරණ රෝගීන්ට අපි උදව් කරන්න කැමතියි. මේ රෝහලට එන රෝගීන්ගේ ඇස් සුවපත් කරවලා යවන එක තමයි අපේ අරමුණ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්