ඇසිපිය හෙළන වාර ගණන අඩුවීමෙන් ඇසට සිදුවන හානි

412

ඇසිපිය නොහෙළා බලා සිටීම එක් මොහොතකට සුන්දර වුවත් එය දිගින් දිගටම සිදු කිරීම මගින් ඇස් දෙකට හානි ඇති වේ.

ඊට හේතුව වන්නේ ඇසිපිය හෙළීම මගින් සිදුකරන්නේ දෑස්වල තෙත් බව රැකගැනීම සඳහා කඳුළු බිඳු මුදාහැරීමය. සාමාන්‍යයෙන් විනාඩියකට නිරෝගී පුද්ගලයකුගේ දෑස් හි ඇහි පිහාටු 12 ත් 15 ත් අතර වාරයක් ඇසිපිය හෙළනු ලබයි.

එසේ ඇසිපිය හෙළීම මගින් දෑස් මතට මුදාහැරෙන කඳුළු බිඳු මගින් දෑස් තෙත්වීම නිසා දෑස් හි වියළි බව නැති කරයි. දෑස් වියළි බවින් යුක්ත වූ විට ඉතා පහසුවෙන් දෑස් තුළට විෂබීජ ඇතුළු වේ. එවිට දෑස් කැසීම සිදුවේ.

වර්තමානයේ බොහෝ දෙනා පරිගණකය, ජංගම දුරකථනය ආදියට ඇබ්බැහි වී සිටිති. එනිසා පැය ගණන් එක දිගට එහි තිරය දෙස බලාගෙන කටයුතු කරයි. ඉන් ඇසිපිය හෙළන වාර ගණන අඩුවීමට බලපා ඇතැයි හෙළි වී ඇත.

එනිසා ඉතා ඉක්මනින් ඇස් වියළි බවට පත්වේ. මෙලෙස දිගු කාලයක් දෑස් වියළි බවින් පැවතීම නිසා මොළයේ පිළිකා මතුවීමේ අවදානමක් ද පවතින බව දැනට සිදුකර ඇති පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. මොළයේ හටගත් බොහෝ පිළිකා ගැටිති සම්බන්ධව සිදුකර ඇති පරීක්‍ෂණවලට අනුව මේ බව හෙළිවී ඇත.

● ඇසිපිය හෙළන වාර ගණන වැඩිකර ගැනීම

ඇසිපිය හෙළන වාර ගණන වැඩිවීම ඇසට අහිතකර නැත. අහිතකර වන්නේ ඇසිපිය හෙළන වාර ගණන අඩුවීමෙනි. එනිසා පරිගණකය සමඟ වැඩ කරන විට පැය භාගයකට වරක්වත් ඉන් දෑස් ඉවත්කර අවට පරිසරයට ඇස් යොමුකළ යුතුය. එහිදී එම පරිසරය කොළ පැහැයෙන් පවතී නම් ඇසට වඩාත් හිතකරය.

එනිසා තම පරිගණකය අසල කොළ පැහැයෙන් යුත් ස්වභාවික ශාක පැළයක් තබා ගත හැකි නම් නිතර ඒ වෙත දෑස් යොමුවීම නිසා ඇසිපිය හෙළීමේ වාර ගණන අඩුවීම වළක්වා ගත හැකිය.

කිසි මොහොතක අඳුරු පරිසරයක සිට ජංගම දුරකථන, පරිගණක, ලැප්ටොප්, ටැබ් වැනි උපකරණ සමඟ වැඩි වේලාවක් කටයුතු කිරීම සුදුසු නැත. එහිදී ඇස් අනවශ්‍ය ලෙස විවර කිරීම නිසා පෙනීමේ දුර්වලතා ද හටගනී.

දෑස් වියළි බවට පත් වූ විට කෘත්‍රිම කඳුළු බිඳු යෙදීම මගින් ඇස්වලට ස්ථිර ප්‍රතිකාරයක් නොලැබේ. ඉන් සිදුවන්නේ දෑස් එම කෘත්‍රිම කඳුළුවලට හුරුවීමය. එනිසා ඇසිපිය හෙළන වාර ගණන වැඩිකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වඩාත් සුදුසුය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112338732 ඇමතිය හැකිය.

ඇසිපිය හෙළන වාර ගණන අඩුවීමෙන් ඇසට සිදුවන හානි

ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ
ආනන්ද සමරසිංහ
සමරසිංහ දෘෂ්ටි විශේෂඥ ආයතනය.

වෛද්‍යවරයා අතිරේක සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment