ගණන් බස්සන්න බිත්තර රටින් ගේන්න – බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති

94

බිත්තර මිල ඉහළ දැමීම පාලනය කිරීමට ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා “දිවයින” ට ඊයේ (01 වැනිදා) පැවැසීය.

එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බවත් රටේ බිත්තර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30 ත් 32 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

බිත්තරයක මිල මේ වනවිට රුපියල් 60-70 දක්වා ඉහළ ගොස් ඇති බවත්, රට තුළ පවතින මෙම කළුකඩ මාෆියාව පාලනය කිරීමට ඉක්මනින් පියවර ගතයුතු බවත් හෙතෙම කීය.

බිත්තර වෙළෙද සංගම් නගර වලට බිත්තර ලොරි එවා බිත්තර රුපියල් 55 ට අලෙවි කිරීම ප්‍රෝඩාවක් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment