ඇෆ්ගනිස්ථානය පළමු පිම්ම ලේසියෙන් පනියි

319

2024 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගයෙන් උගන්ඩාව පරදා ලකුණු 125ක විශිෂ්ට ජයක් වර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (04දා) සමත් විය.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පෙරවරුවේ ගයානාහිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබාගැනීමට සමත් වූ අතර උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 16ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 58ක් පමණි.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් රහමනුල්ලා ගුර්බාස් ලකුණු 76ක් සහ ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 70ක් ලැබූහ.

පන්දු යැවීමේදී උගන්ඩාව වෙනුවෙන් බ්‍රයින් මසබා 21-2, කොස්මස් කිව්ටා 25-2.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෆසාල්හක් ෆාරුකි ලකුණු 9කට කඩුලු 5ක් ලබාගැනීමට සමත් විය. ෆාරුකි තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

නවීන් උල් හක් ලකුණු 4කට කඩුලු දෙකක් සහ රශීඩ් කාන් ලකුණු 7කට කඩුලු 2ක් ලබා ගත් හ.

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්තානය – 183/5 (20) (රමනුල්ලා ගුර්බාස් 76, ඊබ්‍රාහිම් සද්රාන් 70, මොහොමඩ් නබි නොදැවී 14, කොස්මොස් කවූටා 25/2, බ්‍රයන් මසාබා 21/2)

උගන්ඩාව – 58 (16) (රොබින්සන් ඔබූයා 14, ෆසාල්හක් ෆාරුකි 9/5, නවීන්-උල්-හක් 4/2, රෂීඩ් ඛාන් 12/2)

advertistmentadvertistment
advertistmentadvertistment