ඉන්දියාවට  පලායමින් සිටි 17 දෙනකු  නාවික හමුදාවෙන් අල්ලයි

104

මන්නාරමේ පේසාලේ සිට ඉන්දියාවට බෝට්ටුවක ආධාරයෙන් පලා යමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදාව විසින් මුහුදේදී අත් අඩංගුවට ගෙන ඉකුත් 7 දා ගොඩ බිමට රැගෙන විත් තිබේ.

පේසාලේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව වෙත ගමන් කිරීම සඳහා යොදාගත් බෝට්ටුවද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිරිස එම බෝට්ටුවෙන් තමිල්නාඩුව වෙත ගොස් බෝට්ටුව අතහැර දමා ඉන්දියාවට සරණාගතයන් ලෙස ඇතුලුවීමට උත්සාහ කොට ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

මන්නාරම, පේසාලේ හා මඩු යන පළාත්වල පවුල් තුනකට අයත් මේ 12 දෙනාගෙන් සමන්විත පිරිස ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment