ඖෂධ අධිමාත්‍රාවක් ගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවක් මරුට

142

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වෙනි වසරේ ශිෂ්‍යාවක් සිය කාමරය තුළ දැඩි ලෙස රෝගාතුරව සිහිසුන්ව සිටියදී පේරාදෙනිය ශික්ෂණ රෝහලට පෙරේදා (28 දා) රාත්‍රි ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01 දා) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

කිසියම් රෝගයකින් පෙලුන මෙම ශිෂ්‍යාව ඖෂධ අධිමාත්‍රාවක් ගැනීමෙන් රෝගී තත්වය උත්සන්න වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම ශිෂ්‍යාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මරණය සම්බන්ධයෙන් පේරාදෙනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment