ඉන්දියාවේ දිගම කේබල් පාලම විවෘත කරයි

580

ඉන්දීය රුපියල් කෝටි 979ක් වැය කර ඉදිකළ එරට දිගින් වැඩිම කේබල් පාලම සුදර්ශන් සේතු පාලම ඊයේ (25දා) මහජන අයිතියට විවෘත කෙරිණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කර තිබේ. ගුජරාට්හි ඕකා වරාය නගරයත් බේයත් ද්වාර්කා දූපතත් යා කරන පාලමේ මුළු දිග කිලෝ මීටර් 2.3කි.

බේයත් ද්වාර්කා දූපතේ පිහිටි ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් ඉදි කළ සුප්‍රකට ද්වාර්කා කෝවිල වෙත යෑම පහසු කිරීමට මෙම පාලම ඉදිකර තිබේ. මංතීරු හතරකින් යුත් මීටර් 27.20 ක් පළල පාලමේ දෙපස මීටර් 2.50 ක් පළල අඩි පාරවල් ඇත.


advertistmentadvertistment