ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ආනයනය ගැන කරුණු දක්වයි

412


ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ආනයනය කරන්නේ වෙනත් රටවල් රුසියාවෙන් ඉන්ධන ආනයනය කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් යැයි ඉන්දීය නව විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා පළමුවරට විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ යුරෝපා සංචාරයේ පළමු අදියර අවසානයේදී විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ සඳහන් කර ඇත.ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ආනයනය යනු බලශක්ති සුරක්ෂිතතාවය සඳහා දායකවීමක් බවත් සෙසු රටවල්ද මේ අනුව කටයුතු කරන බව පවසයි.යුක්රේනයේ ගැටුම සම්බන්ධව මාධ්‍ය කළ විමසුමේදී පවසා ඇත්තේ ඒ සම්බන්ධව ඉන්දියාව අවධානය කරන්නේ තම රටේ ප්‍රතිපත්ති ගැන සැලකිල්ලට ගෙන බවය.අපි මෙම ගැටුමේදී යුක්රේනය දෙස බලන්නේ ඉන්දියාවේ වටිනාකම ගැන සලකා බලායැයිද ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment