ඉන්දීය නාවික හමුදාවට අයත් INS Shalki සබ්මැරීනය නිල සංචාරයක් සඳහා ඊයේ (02 දා) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගත් බව නාවික හමුදාව සඳහන් කරයි. දිගින් මීටර් 64.4ක් වන මෙම සබ්මැරීනයෙහි 40කින් යුතු කාර්ය මණ්ඩලයක් සේවය කරති.
මෙම සබ්මැරීනයේ අණදෙන නිලධාරි කොමදෝරු රාහුල් පට්නයික් සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ඊයේ එම විධාන මූලස්ථානයේදී පැවැත්විණි. මෙම සබ්මැරීනය හෙට (04 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය.