ඉන්දු ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේදී මේජර් වරයකුට තුවාල

555

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය පුහුණුව යටතේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පුහුණු කරන අතරතුරදී අනතුරකින් 6 වැනි ඉංජිනේරු බලකායේ මේජර් වරයකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇත.

මෙම අනතුරින් මේජර්වරයාගේ අතේ ඇඟිලි වලට තුවාල සිදුවී ඇති වී ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම පුහුණු අභ්‍යාසයට නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියහ.


advertistmentadvertistment