ආණ්ඩුවේ නීති සංශෝධනය – අපරාධ වැළැක්වීමට නොව අපරාධ වැඩිකිරීමටයි

109

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි වනිතා බලවේගයේ බදුලු‍ සමුළුව අමතමින් කියයි

ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්නේ අපරාධ වැළැක්වීමට නොව අපරාධ වැඩිකිරීමට බවත් රජය ලිංගික කටයුතු සඳහා කැමැත්ත ලබාදෙන වයස් සීමාව 16 සිට 14 දක්වා අඩු කිරීමට යන බවත් අද රට පුරා අපචාර, අතවර කිරීම්, දූෂණය ඉහවහා ගොස් ඇති අවස්ථාවක ආණ්ඩුවේ විසඳුම වී ඇත්තේ මෙය බවත් මෙය ලිංගික අපචාර ප්‍රවර්ධනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වයස අවුරුදු 22ට අඩු පිරිමි පුද්ගලයෙක්ගෙන් යම් කිසි දූෂණයක් අතවර කිරීමක් සිදු වුවහොත් මේ හරහා ඔහුට ලබාදෙන දඬුවම ලිහිල් කර ඇති බවත් මෙය කාන්තාවන්ට සිදු කළ අපහාසයක් බවත් 363 වැනි වගන්තිය හරහා කාන්තා දූෂණය වෙනමම විග්‍රහ කර දඬුවම් ලබාදීම වෙනමම සඳහන් කර ඇති වගන්තියක් තිබියදී මේ යටතට පිරිමි දූෂණයත් ඇතුළත් කර මෙම වගන්ති බාල්දු කිරීමට කටයුතු කර ඇති බවත් මේ වෙනුවෙන් වෙන වෙනම වගන්ති සකස් කිරීමට හැකියාව තිබියදී එවැනි දෙයක් සිදු නොකර දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන හරහා කාන්තා අයිතිය පළුදු කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට හිතක් පපුවක් ඇත්නම් මේ අමනෝඥ දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත යුතු බවත් එසේ නොවුවහොත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මහපාරෙත් දැවැන්ත අරගලයක් සිදුකරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේබව කියා සිටියේ ඊයේ බදුල්ලේ විල්ස් පාර්ක් නව ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ බදුලු‍ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

මෙරට කාන්තාව පවුල ගැන සිතන නිසා කිසිදාක හිංසනයට, පීඩනයට, මිනීමැරුමට, මංකොල්ල කෑමට යොමු නොවන බවත් පසුගිය කාලයේ මිනීමරණ යුගයක්, චිට් එකකින් මුළු රටම වැසුණු කර්මාන්තශාලා පුච්චා දැමුණු ප්‍රතිපත්තියක් තිබූ බවත් මෙම ප්‍රචණ්ඩකාරී අන්ත වාමාංශික අන්ත සමාජවාදී ප්‍රතිපත්තියක් තුළින් සිදුවන්නේ සියයට 33ක් තිබූ ශ්‍රම බලකා කාන්තා සහභාගීත්වය පහළ වැටෙන බවත් බංකොලොත් රටකට තිබිය යුත්තේ අන්තවාදී සමාජවාදය හරහා කර්මාන්තශාලා පුලු‍ස්සා දමන යුගය නොව වැඩි වැඩියෙන් රැකියා ලබාදෙන යුගයක් බිහි කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවන්ගේ සහභාගීත්වය ලබාගැනීමට සහ අයිතීන් සුරක්ෂිත කිරීමට ස්ථාවර කාන්තා ජනාධිපති කොමිසමක් ඇති කරන බවත් සමගි ජන බලවේගයේ මෙවැනි වැඩපිළිවෙළ කොපි කර වෙනත් පක්ෂ තමන්ගේ මෙන් ඒවා ඉදිරිපත් කරන බවත් බලය තිබුණත් ඔවුන් මෙවැනි කාන්තා කොමිසම්, ජනාධිපති කාර්ය සාධන බලකා එකක්වත් ඇති නොකළ බවත් ජනාධිපතිවරණ සමයේ පමණක් ජනතාව රැවැට්ටීමේ අරමුණින් රට වටේ යමින් ජනතාව අන්දවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඡන්දය එනකම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ගැන විශාල වශයෙන් කතා කළත් ඡන්දයෙන් පසු එම අමාත්‍යාංශවලට වෙන් වන්නේ කුඩා මුදලක් පමණක් බවත් සෑම විටම කාන්තාව අවශ්‍ය වී ඇත්තේ ඡන්දය ලබාගැනීමට පමණක් බවත් මේ සංස්කෘතියට නැවතීමේ තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තාවන්ට අනන්‍ය වූ සංස්කෘතිය අයිතියක් ආගමික අයිතියක් ඇති නමුත් සමහර විකල්ප කණ්ඩායම්වලට ආගම, දහම් පාසල, පූජනීය ස්ථාන ගැන ආගම කේන්ද්‍ර කර ගත් සදාචාර සම්පන්න රටාවන් ගැන විශ්වාස නැති නිසා ලක්ෂ 220ම

නිරාගමික විය යුතු බව පවසන බවත් එහිදි ආගම ඇදැහීම තහනම් බවත් මොවුන් මැතිවරණ වේදිකාවල රටේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කර ඇති බවත් මොවුනගේ ව්‍යාජ කතාවලට හසුවී මෙරට ඕනෑම අයෙකුට ඇති ආගමික, සංස්කෘතික නිදහස පාවා නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය කාන්තා පරපුරට මුල්තැන ලබාදුන්නේ අද ඊයේ නොවන බවත් 2019 ජනාධිපතිවරණයේදී කාන්තාවන් වෙනුවෙන් වෙනමම ප්‍රඥප්තියක් ඉදිරිපත් කළ එකම අපේක්ෂකයා තමා බවත් මේ ප්‍රඥප්තිය තුළ කාන්තාවගේ ආර්ථික, සමාජීය, දේශපාලනික, ආගමික, සංස්කෘතික සහ අනෙකුත් අයිතිවාසිකම් ගැන සඳහන් බවත් මෙවර කාන්තා පරපුරේ උනන්තිය උදෙසා අලු‍තින්ම සඳගණ ප්‍රකාශය හරහා උතුම් කාන්තාව, ආදරණිය කාන්තාව, ප්‍රධාන කාන්තාව වෙනුවෙන් වැදගත් යෝජනා රැසක් මහපොළොවේ යථාර්ථය බවට පත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment