දූෂණ විරෝධී පනතට සජබයෙන් සංශෝධන

47

ආණ්ඩුව විසින් මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘දූෂණ විරෝධී’ නමැති පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

ඒ අනුව පක්‍ෂ කණ්ඩායම තීරණය කරන පරිදි එම සංශෝධන ඉදිරිපත් කරන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

සමගි ජනබලවේගය සමග ඒකාබද්ධව කටයුතු කරනු ලබන ඩලස් අලහප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධවද පසුගිය සිකුරාදා දින පනත සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බවද හෙතෙම පැවසීය. රටේ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් දැනටත් අවශ්‍ය තරම් නීති සම්මත කර ඇතත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment