දකුණු ගාසා තීරයේ පිහිටි රෆා නගරයට ඊශ්‍රායල හමුදාවන් විසින් ඊයේ (12දා) එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හා ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රෆා නගරයට ඊශ්‍රායල හමුදාවන් විසින් ගුවනින්, ගොඩබිමින් හා මුහුදෙන් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරයන් රෆා නගරයේ පාසල් හා රෝහල්වලට පවා එල්ල වී ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී. මේ අතර ඊශ්‍රායල හමුදාවන් විසින් රෆා නගරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදාගත් බව නිවේදනය කර තිබේ. මෙම ප්‍රහාරයෙන් අනතුරුව දකුණු දිග ඊශ්‍රායලයේ එයින් හාබසොර් ප්‍රදේශයේ යුද අවදානමක් අඟවන සයිරන් නලා ඊයේ සවස නාද වී තිබේ.
|