සජිත් ඉවත්වීම ඥානාන්විතයි – ඕමල්පේ සෝභිත නාහිමියෝ

333

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයෙන් ඉවත්වීම ඥානාන්විත ක්‍රියාවක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය, ඕමල්පේ සෝභිත හිමියෝ ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසූහ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනපතිවරයකු පත්කර ගන්නට ඡන්ද විමසන මේ මොහොතේ අරගලයේ ජනතා මතය සිහියේ තබා ගනිමින් තමන්ගේ වටිනා ඡන්දය නිවැරදි අපේක්ෂකයාට ලබාදිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මේ මොහොතේ ජනපතිවරයා තෝරාපත්කර ගැනීමේ සටන තුන්කොන් සටනක් බවට පත්වෙලා. විපක්ෂ නායකවරයා රට වෙනුවෙන් නිවැරදි තීරණය ගත් බව අපි දන්නවා. ජනතාවට හැමදාම අරගල කරන්න බැහැ. රට අරාජික නොකිරීමේ වගකීම මේ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතේ තිබෙන්නක්. ්ඔවුන් රටේ අරගලයක් දියත් කළ ජනතාවගේ පරමාර්ථ සහ අභිප්‍රාය නිවැරදිව වටහා ගත යුතුයි.

අපි සජිත් ප්‍රේමදාස මහතාට ස්තුතිවන්ත වනවා වගේම සර්ව පාක්ෂික කැබිනට්ටුවක්, අන්තර්කාලීන රජයක් මේ හරහා පිහිටුවීමට අවස්ථාව ලදහොත් එය ඉතාමත් හොඳ පියවරක් ලෙසටත් දකිනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment