ඊ.පී.එෆ්. එකට තුනෙන් එකක පාඩුවක් – කිරිඇල්ල

148

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පෞද්ගලික අංශයේ සේවක අර්ථ සාධක අරමුදලට තුනෙන් එකක පාඩුවක් සිදුවන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එම ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතන වෙත එය සමසේ බෙදී ගියේ නම් සේවක අර්ථ සාධක අරමුදලට දැනෙන බර අඩුවන බවද ඒ මහතා කීවේය. එහෙත් බැංකු නිසි පරිදි බදු මුදල් ගෙවා ඇති බැවින් ඊට බැංකු ඇතුළත් කර නොගන්නා බව රජය ප්‍රකාශ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම තත්ත්වයේදී සේවක අර්ථ සාධක අරමුදලට පමණක් බර පැටවෙන බැවින් රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සමගි ජන බලවේගය විරුද්ධ බව වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment