උත්තර පත්‍ර බලන්න නාවොත් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා – ජනපති කියයි

104

ලබන සතිය වනවිට ගුරුවරුන් පිළිතුරු පත්‍ර බැලීම සඳහා වාර්තා නොකළහොත් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19දා) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.ළමයින්ගේ අධ්‍යාපනය ගුරුවරුන් විසින් ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැස්වීමේදී කියා සිටියේය.

විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ද අපේක්‍ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇගැයීම සඳහා සම්බන්ධ වූ කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු සිදුකරන ලෙස ද උපදෙස් දුන්නේය. එම කටයුතු සඳහා සහභාගි නොවුණ හොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්‍ෂා කරන බවත් ඒ පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment