උතුරේ බෝට්ටුවක් තුළ  මුහුදු බෝම්බ හතක්

371

මසුන් මරන්න ගෙනාවා – අත්අඩංගුවට ගත් සිවුදෙනා කියති

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවර බෝට්ටුවක් තුළ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මැරීමට සකසන ලද මුහුදු බෝම්බ 7 ක් ඇතුලු තවත් උපකරණ කීපයක් සමග සැකකරුවන් සිවුදෙනකු නාවික හමුදාව විසින් ඊයේ (09 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවේ පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම මුහුදු බෝම්බ හමු වී තිබේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ මසුන් මැරීම සඳහා මෙම මුහුදු බෝම්බ සකසන ලද බවයි.

පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සඳහා නිසි බලපත්‍රයක් මේ ධීවරයන් සතුව නොමැති වීමත් පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මැරීම තහනම් නිසාත් අත් අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා පරීක්ෂණ කටයුතු සඳහා යාපනය පොලිසිය වෙත භාර දී තිබේ.

යාපනය පොලිසිය සහකාර ධීවර අධ්‍යක්ෂවරයාගේ සහාය මත සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment