මින්නේරිය – රිටිගල සංචාරක නෙත පිනවූ‘කෝලිත’ මරා දළ කපාගෙන ගිහින්

413

මින්නේරිය ජාතික උiානයේ සහ රිටිගල ආශ්‍රිතව සැරිසැරූ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්දිනාගත් ‘කෝලිත’ නමැති දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගලය කපාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිටිගල වනජීවි අඩවි කාර්යාලය සහ හබරණ පොලිසිය ඒකාබද්ධව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

ප්‍රදේශවාසීන් විසින් රිටිගල වනජීවි කාර්යාලයට කරන ලද දැනුම්දීමකට අනුව හුරුළු වන රක්‍ෂිතයේ අඹගස්වැව ප්‍රදේශයේදී ඝාතනය කරන ලද කෝලිතගේ සිරුර එම නිලධාරීන් විසින් 19 වැනිදා රාත්‍රියේ සොයාගෙන තිබේ.

පසුව එම නිලධාරීන් මේ සම්බන්ධයෙන් හබරණ පොලිසියට පැමිණිලි කළ අතර ඒ අනුව හබරණ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීය.

අවුරුදු 15 ක් පමණ වයසැති කෝලිතට අඩි 2 ක් පමණ දිග හොඳින් වැඩෙමින් තිබූ දළ යුගලක් සතුව තිබූ බව ද වනජීවි නිලධාරීහු කියති.

මෙම දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ පශු වෛiවරුන් සඳහන් කර ඇත්තේ මීට ටික දිනකට පෙර මෙම දළ ඇතාට බඳින තුවක්කුවකින් වෙඩිතබා ඇති බවයි.

ආමාශයට එල්ල වූ එම වෙඩි උණ්ඩය නිසා පසුව විෂබීජයක් ශරීරගතව තිබූ බව හෙළිවූ බව ද පොලිසිය පවසයි. එලෙස වේදනාවෙන් සිට ඇති දළ ඇතාට කිසියම් පිරිසක් යළිත් වෙඩි තබා මරා දළ දෙක කපාගෙන යන්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි.

මේ පිළිබඳ හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පාලිත ඉලංගසේකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇළහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment