මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අවසන්වූ පසු සියලු සිසුන්ට වෘත්තීය පුහුණුව ආරම්භ කරනවා යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
මෙම වෘත්තීය පාඨමාලා සඳහා එම විභාග දෙකට සහභාගී වන සිසු සිසුවියන්ගෙන් සියයට 50 ක් පමණ සහභාගීවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ගින්තොට සහිරා විiාලයේ 27 දා පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පැවැසීය.
මෙයට අදාළව කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇති බව ද ඇමැතිවරයා කීය.
ඇමැතිවරයා බත්තරමුල්ල “වෝටර් එජ්” හෝටලයේ පැවැති උත්සවයකට සහභාගීවෙමින් කියාසිටියේ වයස අවුරුදු 04 සම්පූර්ණ කරන දරුවන්ට පූර්ව ළමාවිය අධ්‍යාපනය අනිවාර්ය කරන බවය.
පළමු ශ්‍රේණිය සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබාදෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් සිව්වයස් සම්පූර්ණ කරන සියලු දරුවන්ට පූර්ව ළමාවිය අධ්‍යාපනය අනිවාර්යය කරන බවය.
චමින්ද සිල්වා