උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය ලද තනතුරු 08 මෙන්න

639


අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ රාජ්‍ය ආයතන සභාපතිවරු හයදෙනෙක් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරා මහත්මියද සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පවසයි.

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ආර්. ඩී.රෝසා මහතාගේ පත්වීමටද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කලුපහන මහතාගේ පත්වීමටද ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ. ගල්කැටිය මහතාගේ පත්වීමටද ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපන මහත්මියගේ පත්වීමටද ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment