සංචාරක උදාව විවෘතවේ

196

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සක්‍රීයව සම්බන්ධවන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව ප්‍රදර්ශනය අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කරනු ලබයි. ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරුවන්ට මෙන්ම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සදහා වෙළඳපොළ අවස්ථාවන් සොයා ගැනීම සඳහා මෙය ඉවහල්වන බව සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය පවසයි.

වෙළඳ කුටි 250කින් සමන්විත මෙම ප්‍රදර්ශනය හෙට දිනයේදී පෙ. ව 10 සිට ප. ව 8.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබේ. හෝටල් .සංචාරක නියෝජිතයන්. ගුවන් සේවා සමාගම් සහ සංචාරක සේවා සපයන්නන්ල අධ්‍යාපන ආයතන මේ සඳහා සහභාගි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment