ලබන 13 දා තම අධිකරණය හමුවේ පෙනී සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස දන්වා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (05 දා) නියෝග කළේය.
මහෙස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරන අධිකරණ සේවා සංගමය පසුගිය 03 දා ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමෙෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.
වගඋත්තරකාර රාජ්‍ය ඇමැතිවරයා පසුගිය අගෝස්තු 23 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මගින් අධිකරණයට දැඩි අපහසායක් සිදු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හා වීඩියෝ දර්ශන කැඳවා ඔහුට එරෙහිව දඬුවම් කරන්නැයි සනත් නිශාන්ත හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක