උසාවිය ඉදිරිපිට වෙඩි පත්තු වෙයි – සය හැවිරිදි දියණිය මරුට පියාට බරපතළ තුවාල

941

කොළඹ මාළිගාකන්ද උසාවිය ඉදිරිපිට ඊයේ (17දා) සවස සිදුවූ වෙඩි තැබීමකින් සය හැවිරිදි දියණිය මියගොස් ඇගේ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ සවස මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මෙම පියා පසුව ඇප මත මුදාහැර තිබේ. ඔහු කැඳවා ගෙන යෑමට ඔහුගේ බිරිඳ හා දියණිය ත්‍රිරෝද රියකින් එහි පැමිණ ඇති අතර ඔවුන් පිටව යද්දී අධිකරණය ඉදිරිපිටදී මෙම වෙඩි තැබීමට ගොදුරුවී තිබේ.

අවට සිටි පිරිස භීතියට පත්කරමින් යතුරුපැදියකින් පැමිණ දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබේ. තුවක්කුකරු වෙඩි තැබීමට පිස්තෝල ගිනි අවි භාවිත කර ඇත. මරදාන පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන වූ ආරවුලකට වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැක කෙරේ.
හේමන්ත රන්දුණු


advertistmentadvertistment