උ/පෙළ ප්‍රතිඵල මැයි-ජුනි වන විට නව පාසල් වාරය සඳුදා

58

පැවැති උසස් පෙළ විභාගයේ (2023) ප්‍රතිඵල ලබන මැයි, ජුනි වනවිට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (14 දා) පැවසීය.

පසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම නිසා 2024 නව පාසල් වාරය 2024 පෙබරවාරි 19 වැනි සඳුදායින් ආරම්භ කරන බවද ඇමැතිවරයා කීය. 2023 වර්ෂය සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජුනි මාසවලදී පැවැත්වීමට නියමිත බවද ඇමැතිවරයා කීය. 2024 වසරේ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවද ඇමැතිවරයා කීය.

2025 නව පාසල් වාරය ජනවාරි 02 වැනිදා ආරම්භ කරන බවත් එම වර්ෂයේ (2025) පැවැත්වීමට නියමිත විභාගයන් නියමිත ආකාරයෙන් පැවැත්වීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවති පෙළපොත් බෙදාදීමේ උත්සවයට ඊයේ (14 දා) එක්වෙමින් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment