එංගලන්තය දිනයි බ්‍රෝඩ් යයි

267

සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමග පැවැති 5 වැනි හා අවසන් අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම 31 වැනිදා සමත් වූයේය.

තරගයේ අවසන් දිනය වූ පෙරේදා දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේදී තරගය ජය ගැනීම සඳහා ලකුණු 384 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ටේ්‍රලියාව කිසිවකු නොදැවී ලකුණු 135 ක් ලබා සිටි අතර, එක් අවස්ථාවක කඩුලු 3 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටියේය.

එහෙත් ඔස්ටේ්‍රලියාවේ අවසන් කඩුලු 7 ලකුණු 70 ක් තුළ බිඳ දමමින් එංගලන්තය තරගය ජයග්‍රහණය කළේය.

මෙම තරඟය සුපිරි එංගලන්ත ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ අවසන් ටෙස්ට් තරගය වූ අතර එංගලන්තය වෙනුවෙන් එම තරඟයේ අවසන් කඩුල්ලද දවා ගැනීමට බෝඩ් සමත් වූයේය.

ටෙස්ට් තරග 167 කට ක්‍රීඩා කර ඇති බ්‍රෝඩ් එහිදී කඩුලු 604 ක් දවා ගනිමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර 5 වෙනි ස්ථානයේ පසුවේ.

තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වුවද අළු බඳුන කුසලානය පසුගිය වර ශූරයන් වූ ඔස්ටේ්‍රලියාවට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment