ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අද ඇරැඹේ…

129

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සහකරුවා වන ඩයලොග් ආසිආටා අනුග‍්‍රහයෙන් පිරිමි කණ්ඩායම් 08 ක සහ කාන්තා කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක කෙරෙන ආසියානු සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලිය අද (19දා) සහ හෙට (20දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටී ඩුබායිහි දී පැවැත්වෙයි.

ආසියානු රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ක‍්‍රීඩා නගරය ලෙස සැලකෙන ඩුබායිහි සුප‍්‍රසිද්ධ රග්බි පාපන්දු පිටියේදී අද (19දා) පෙරවරුවේ ආරම්භ කෙරෙන ආසියානු සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලිය සඳහා සහභාගි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අද ඇරැඹේ...
HTML clipboard
තරුණ සහ ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඩයලෝග් ආසිආටා පී. එල්. සී. සමාගමේ සමූහ ප‍්‍රධාන අලෙවි නිලධාරී අමලි නානායක්කාර විසින් ආසියානු රග්බි ආයතනයේ සභාපති ක්වයිස් අල්-දලායි වෙත අදාළ අනුග‍්‍රාහක චෙක්පත පිරිනැමූ අවස්ථාව. ඩයලොග් ආසිආටා පී. එල්. සී. සමූහ අලෙවි, සන්නාම සහ මාධ්‍ය ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි හර්ෂ සමරනායක සහ ආසියානු රග්බි, තරගාවලි සහ ඉහළ ශ්‍රේණියේ දක්ෂතා කමිටුවේ සභාපති අසංක සෙනවිරත්න යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

වන ශ‍්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් නියෝජනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පෙරේදා (17දා) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියහ.

මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයන් 12 දෙනකු සහ ක‍්‍රීඩිකාවන් 12 දෙනකු අයත් වන අතර පිරිමි කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ජාත්‍යන්තර ක‍්‍රීඩක නිල්ෆර් ඊබ‍්‍රාහිම් මහතා කටයුතු කරයි.

හිටපු ජාත්‍යන්තර ක‍්‍රීඩක සාලිය කුමාර මහතා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්ව සිටියි.

එංගලන්ත ජාතික සත් සාමාජික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර රග්බි කෙළිබිමේ කැපී පෙනුණු බෙන් ගොලිංග්ස් මහතා දෙපිලේම විශේෂඥ පුහුණු උපදේශක ලෙස හා සත් සාමාජික රග්බි අධ්‍යක්ෂවරයා ලෙස මෙම සංචාරයට නම් කර තිබේ.

පිරිමි කණ්ඩායමේ කළමනාකරු ලෙස සුභාෂ් ජයතිලක මහතා කටයුතු කරන අතර මල්කාන්ති රත්නායක මහත්මිය කාන්තා කණ්ඩායමේ කළමනාකාරිනියගේ වගකීම් ඉෂ්ට කරන්නීය.

ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මූලික වටයේදී අධීෂ වීරතුංගගේ නායකත්වයෙන් සමන්විත ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම ‘‘බී’’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙයි.

එහිදී ජපානය, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වැදීමට ශ‍්‍රී ලංකාව සූදානම්ව සිටී.

පිරිමි අංශයේ ‘‘ඒ’’ කාණ්ඩය යටතේ කොරියාව, හොංකොං, පිලිපීනය සහ මැලේසියාව තරග වැදීමට නියමිතය.

දුලානි පල්ලේකොන්දගේ මෙහෙයවන ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මූලික වටයේදී තරග බිමට එක් වන්නේ ද ‘‘බී’’ කාණ්ඩය නියෝජනය කරමිනි. එම කාණ්ඩයට චීනය, හොංකොං සහ මැලේසියාව අයත් වෙති.

ජපානය, කසකස්තානය තායිලන්තය සහ පිලිපීනය එකී කාන්තා ‘‘ඒ’’ කාණ්ඩය යටතේ මූලික වටයට එක්වෙති.

මෙම තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගයට වරම් ලබා ගන්නා පිරිමි දෙපිල සහ කාන්තා කණ්ඩායම් ද්විත්වය එළඹෙන 2022 වසරේ දකුණු අප‍්‍රිකාවේදී ක‍්‍රියාත්මක කෙරෙන ලෝක ශුරතා සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබති.

ශ‍්‍රී ලංකා සත් සාමාජික පිරිමි කණ්ඩායම

අධීෂ වීරතුංග (නායක), සැමුවෙල් ඔගෙබෙබෝර්, කාංචන රාමනායක, අංජුල හෙට්ටිආරච්චි, කුෂාන් ඉඳුනිල්, සුධාරක දික්කුඹුර, ඉරෝෂන් සිල්වා, ඉෂාර මධුශාන්, ජනිදු ඩිල්ශාන්, නුවන් පෙරේරා, නිශෝන් පෙරේරා සහ සචින් සිල්වා.

ශ‍්‍රී ලංකා කාන්තා සත් සාමාජික කණ්ඩායම

දුලානි පල්ලෙකොන්දගේ (නායිකාව), දෙනෙති ඩිලානි කාංචනා, නිපුනි රසාංජලී, නිමේශා විජේවර්ධන, ජයන්ති කුමාරී දිල්රුක්ෂි, උමයංගනා තත්සරණි, තීක්ෂණා ලියනගේ, අනූෂා තුෂාරී සමරවීර, නදීකා දිනේෂිකා මුණසිංහ, අයේෂා පෙරේරා, ඩිලානි පොල්හේවගේ සහ අනූෂා අත්තනායක.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment