43 වන සේනාංකයේ පිරිසක් එජාප සත්‍යකි‍්‍රයාව ගියේ පෙරළා ප‍්‍රතිචාර දැක්වීමකටයි – පාඨලී චම්පික රණවක

275

‘ඔවුන්ගෙන් කරුණු විමසීමක් නැහැ’ – සජබ මහලේකම්

 43 වන සේනාංකයේ නියෝජිත පිරිසක් කොළඹ හයිඞ් පිටියේ සිකුරාදා (25 දා) පැවැති එජාප සත්‍යකි‍්‍රයාවට එක්වූයේ එජාපය ලද ආරාධනාවක් අනුව බව එම සේනාංකයේ නායක සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 43 වන සේනාංකයේ සංවත්සර උළෙලට මීට පෙර දේශපාලන පක්‍ෂවලට කළ ඇරයුම පිළිගනිමින් එම පක්‍ෂයේ රුවන් විජයවර්ධන, සාගල රත්නායක මහත්වරු සහභාගි වූ බවද සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද සෙසු විපක්‍ෂයේ පක්‍ෂවල නියෝජිතයන්ද තමන් කළ ආරාධනය පිළිගෙන එක්වූ බවද එජාපය එදා අප කළ ඇරයුම පිළිගත්තා සේ අපද ඔවුනගේ ඇරයුමට ප‍්‍රතිචාර දක්වමින් නියෝජිත පිරිසක් ඊට පිටත් කර යැවූ බවද රණවක මහතා කීය.

 සමගි ජනබලවේගය හා තමා අතර ගැටුමක් නිර්මාණය කිරීමට ප‍්‍රයත්න දරන පිරිසක් මෙම තත්ත්වය වැරදි ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ ගෙන ඇති බවද ඔහු කීය.

 මේ අතර 43 වන සේනාංකයේ පිරිසක් එජාප සත්‍යකි‍්‍රයාවට එක්වීම ගැන ඔවුනගෙන් කරුණු විමසීමට සමගි ජන බලවේගය කි‍්‍රයා නොකරන බවත් ඔවුන් වෙනම කණ්ඩායමක් නිසා එවැන්නක් කිසිසේත්ම නොකරන බවත් ඇතමුන් වැරදි මත ප‍්‍රචාරය කරන බවත් සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment