දකුණු ආසියානු රට හරහා දිවීමේදී ශී‍්‍ර ලංකාවට පදක්කම් තුනක් – ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතා දිනයි

163

දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය පසුගියදා (26 වැනිදා) ඉන්දියාවේ නගලන්ඞ් හි කොහොමා නගරවේදී පැවැති අතර එහිදී රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් විවෘත සහ කනිෂ්ඨ අංශවල අනුශූරතා දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකිව ලැබිණි.

 ජ්‍යෙෂ්ඨ පිරිමි ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුණු ආර්.එම්.එස්. පුෂ්පකුමාර එහිදී රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. කිලෝ මීටර් 10කින් යුක්ත වූ එම තරගාවලියේදී මිනිත්තු 33.12.03කින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට පුෂ්පකුමාර සමත් වෙද්දී එම ඉසව්ව මිනිත්තු 31.08.00කින් නිමාවට පත් කළ ඉන්දියාවේ දර්ශන් සිං එහි රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. නේපාලයේ මුකේෂ් බහ¥ර් මිනිත්තු 34.08ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

 කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් තරග වැදුණු ජාලිය සංගීත් එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ අකේෂ් පටේල් විසින් දිනා ගැනීමට සමත් විය. ලෝකඩ පදක්කම නේපාලයේ කාකි බාඩල් විසින් දින ගැනීමට සමත්විය.

 ජ්‍යෙෂ්ඨ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සුජානි පෙරේරා සමත්වූවාය. ඇය වාර්තා කළ කාලය මිනිත්තු 39.38කි.

 මේ අතර පිරිමි ජ්‍යෙෂ්ඨ අංශයේ අනුශූරතාව සමගින් රිදී පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වූ අතර කාන්තා ජ්‍යෙෂ්ඨ අංශයේ අනුශූරතාව දිනා ගැනීමටද ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම සමත්වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment