මේ සතියේ ඇමැතිකම අත්හරිනවා – වාසු කියයි

210

මෙම සතිය තුළ තමා අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

 මේ වන විට වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරි නිල රථයද අමාත්‍යාංශයට ආපසු භාරදී තිබේ.

 තමාගේ අමාත්‍ය ධුරය අවදානම් බව ඒ මහතා පාර්ලිමේන්තුවේදී බැටී වීරකෝන් මහතා සම්බන්ධ ශෝක යෝජනාවට අදාළ සිය කතාවේදී කීවේය.

 තමන් රට වෙනුවෙන් ගත් නිවැරදි ස්ථාවරයක් නිසා එවැන්නක් වුවත් එය ජීවිතයේ කවදා හෝ සතුටට හේතුවන බවද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවැසීය.

 ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 න් එකක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වන්නේද වාසුදේව නානායක්කාර මහතාය.

advertistmentadvertistment
advertistmentadvertistment