එන්නත් කාඩ් ගැසට් එක රිවස් කිරීමේ තීරණයක් නෑ

180

අප්‍රේල් 30 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත පොදු ස්ථානවලට පිවිසීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

රටේ පවතින තත්ත්වය හමුවේ යළි කොවිඩ් පැතිර

ගියහොත් අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් ජනතාව සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවද හෙතෙම කීය.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මුව ආවරණ පැළඳීම ඉතා යෝග්‍ය බව ද හෙතෙම සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment